යසාංග මහවිතාන
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකට ගැටීමෙන් පුද්ගලයන් තිස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
කොළඹ නුවර මාර්ගයේ, වරකාපොල ,දුම්මලදෙණිය ප්‍රදේශයේ දී මෙම බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇත.
කොළඹ මහනුවර අතර ධාවනය වන මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ප්‍රාදේශීය ආරංචි මාර්ග පවසයි.
පොලිසිය සඳහන් කළේ මෙම රිය අනතුර හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවය.
