බස්රියක හදිසි ගින්නක් –  එක් අයෙක් ජීවිතක්ෂයට

කිත්සිරි  වනසිංහ – අනුරාධපුර 

අනුරාධපුර බැස්ටියෙන් විශ්‍රාම ශාලාවේ

නවතා තිබූ බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බලංගොඩ සිට 71 කුගෙන් සමන්විත පිරිසක් අනුරාධපුරයේ  වන්දනාවේ පැමිණි ඇති අතර ඔවුන් පැමිණි බස් රථයක් මෙලෙස ගිනි ගෙන තිබේ.

රාත්‍රී කාලයේ බස් රථයේ නිදාගෙන සිටි  අවුරුදු 47ක් පමණ වයස ඇති පුද්ගලයෙකු ගින්නට හසුව මෙලෙස  ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම පිරිස ඊයේ(21) සවස අනුරාධපුරයට වන්දනාවේ පැමිණ ඇති අතර ඔවුන් පූජා නගරයේ පිහිටි බැස්ටියන් විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇත.  පසුව කණ්ඩායම වන්දනාවේ ගොස් තිබේ.

එම වන්දනාවේ පැමිණි පිරිස අතර  සිටි ආහාර පිළියෙල කරන්නෙකු මෙම බස් රථයේ රාත්‍රී නිදාගෙන සිටියදී ,අද  අලුයම  දෙකට පමණ  බස් රථය තුළ සිදුවූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ .

මෙම ගිනිගැනීම පිළිබඳව එම විශ්‍රාමශාලාවට පැමිණ සිටි තවත් වන්දනා නඩයක පිරිසක් විසින් සිදුකළ දැනුම් දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ අනුරාධපුර  මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *