යසංග මහවිතාන
අද (11) දින අලුයම් කාලයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.
රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇති බව කියැවේ.
මේ වනවිට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 ක් බව වාර්තා වෙයි. පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
බස් රථය පෙරළීම නිසා රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව කොත්මලේ පොලිසිය සඳහන් කරයි..
