බස්නාහිරට සබරගමුවට ඌවට වැසිි වැඩි වේ.

චම්පිකා මුතුකුඩ

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ  වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින සඳහා නිකුත් කරන ලද සිය කාලගුණ වාර්තාව මගින් ප්‍රකාශ කරයි.

 

බස්නාහිර, සබරගමුව දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි  ස්වල්පයක් ඇතිවිය හැකිය.

 

බස්නාහිර ,සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්  වලත් ,ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

 ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *