බන්ධනාගාර බස් රථය shopping ගිහින්

(වැලිගම  තරංග ගුණරත්න )

බන්ධනාගාර බස් රථයක්  සැකකරුවන් සමග වැලිගම  නගරයට   පැමිණ  එහි සිටි බන්ධනාගාර නිලධාරීත්   විසින් ඔවුන්ගේ  අවශ්‍යතා සඳහා නගරයේ සැරිසරමින් සිටි බවට තොරතුරු වාර්තාවේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට⁣ අයත් බස් රථයක්  රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සමග  ( 16 ) දින පස්වරුවේදී  වැලිගම  නගරය⁣ට පැමිණ තිබිණි.
එම බස් රථය  වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා අනතුරුව  මෙම බන්ධනාගාර බස් රථයේ ආරක්ෂාව  සඳහා පැමිණ සිටි  බන්ධනාගාර නිලධාරින්  වැලිගම  නගරයේ වෙළඳසැල් වෙත ගොස්  ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගන්න ආකාරයත් ,   ටික වේලාවකට පසුව  එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව යන ආකාරයත්  දක්නට ලැබිණ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක  මහතාගෙන්   දුරකථනය ඔස්සේ කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
“…….බන්ධනාගාරයට අයත්  බස් රථයක්   සැකකරුවන් සමග   බාහිර ස්ථානයක නතර කර  තැබිමට  බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැහැ එය බරපතළ වරදක් මේ සම්බන්ධයෙන්  පරීක්ෂණයක් කරනවා…..”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *