(වැලිගම තරංග)
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු හා බන්ධනාගාර රියදුරුවරයෙකු වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බි.දිසානායක මහතා කියා සිටි.
පසුගිය 16 වන දින පස්වරුවේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැදවියෙකු හා එම රැදවියාගේ පවුලේ උදවිය සමඟ වැලිගම නගරයෙන් බැහැර ස්ථානයක නවතා තැබිමේ සිදුවිමට අදාලව සිදුකෙරෙන මුලික පරික්ෂණයට සහායක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය 16 වන දින පස්වරුවේ රැදවියන් සමඟ වැලිගම දුම්රියපොළට ආසන්නව බන්ධනාගාර බස් රථයක් නවතා ,මෙම බන්ධනාගාර බස් රථයේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරින් වැලිගම නගරයේ වෙළඳසැල් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගන්නා ආකාරයත්, ටික වේලාවකට පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව යන ආකාරයත් දැක ගැනිමට හැකි විය. එම අවස්ථාවේදි බන්ධනාගාර බස් රථය තුල කිසියම් කන්තාවක් හා කුඩා දරුවකු සිටි බවට වාර්තා වු බව ඒ මහතා සඳහන් කර සිටියේය..
ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදි මෙම බස් රථය අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් බවත් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැදවියෙකු කරාපිටිය රෝහලේ සායනයක් වෙත රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේදි මෙලෙස එම බස් රථය වැලිගම නගරයෙන් බැහැර ස්ථානයක නතර කොට තිබි ඇති බවට අනාවරණය වු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා කීය. මෙම බස් රථයේ සිටි දරුවා සහ කාන්තාව බස් රථය තුළ සිටි රැදවියාගේ පවුලේ උදවිය බවට තොරතුරු ලැබි ඇති බවත් එම පවුලේ උදවිය බස් රථයට නංවා ගැනිමෙන් අනතුරුව මේලෙස බන්ධනාගර නිලධාරින් බස් රථයෙන් බැස ගොස් ඇත්ද යන්න හා කාන්තාව හා දරුවන් බස් රථයට නංවා ගැනීම සම්බන්ධයෙන් CCTV දර්ශන සහ බුද්ධි නිලධාරින් යොදවා වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවද බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියේය.
