අජිත්ලාල් ශාන්තඋදය
කුරුවිට වළදුර බන්ධානාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පර්සලයක තිබි ජංගම දුරකතන දෙකක්, චාජර් දෙකක් සහ මත්කුඩු සොයාගත් බව කුරුවිට පොලිසිය පවසයි.
බන්ධනාගාර තාප්පය අයිනෙන් වැටි ඇති පොදු මාර්ගයේ ගමන් කළ යතුරු පැදියකින් මෙම පාර්සලය විසිකර ඇති බව කුරුවිට පොලීසිය කළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ..
තාප්පය අඩි තිහකට ආසන්න උසකින් යුක්තය පාර සහ තාප්පය අතරද අඩි 30කට ආසන්න දුරක් තිබේ. පාර්සලය විසිකර ඇත්තේ එකී පාරේ සිටය එම පාර්සලය රැඳවියන් අතට පත්වී නැත.
සෙනසුරාදා දිනයේ කුරුවිට නගරයේ සතිපොළ පැවැත්වේ. යතුරුපැදි ත්‍රීවීල් එදිනට වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගයේ ගමන් කරයි .බන්ධනාගාර මුර සේවාවල ඇස් වසා මේ පාර්සලය විසි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
පාර්සලයේ තිබී බැටරි සහිත ජංගම දුරකථන දෙකක් ජංගම දුරකථන චාජර් දෙකක් අයිස් මත්ද්‍රව්‍යයයි සැක කරන මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 70%ක් හෙරොයින් මත්ද්‍රව්‍ය බවට සැක කරන මිලිග්‍රෑම් 800ක් අඩංගු ඇසුරුම් දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
පාර්සලය විසි කළ යතුරුපැදිකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත .කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
