බුද්ධික වීරසිංහ
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ අද දින වෙඩි තැබීමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ය.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය කරන ලද සිරිදත් ධම්මික මහතා මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනය කර තිබේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි
