බුද්ධික වීරසිංහ
මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකකට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දඩ මුදල් ගෙවීමට නියම කර ඇත.ඒ මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩකිරීමක් හේතුවෙනි.
එක් බැංකුවට රුපියල් ලක්ෂ විස්සක් සහ තවත් බැංකුවකට රුපියල් ලක්ෂ දහයක් ලෙස මෙසේ දඩ මුදල් නියම කර තිබේ. එම දඩ මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙසද දන්වා තිබේ.
2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ඒ යටතේ නිකුත් කරන ලද රිති රෙගුලාසි සහ නියෝගයන්ට අනුකූල නොවී කටයුතු කිරීම හේතුවෙන් එම දඩ මුදල් පනවා ඇත

