දොළොස් හැවිරිදි දරුවෙක් බුන්දල ජාතික වනෝද්‍යානයේ

යසංග මහවිතාන

කිසිවෙකු නොමැතිව තනිව සැරිසරමින් සිටි  දොළොස් හැවිරිදි  කුඩා පිරිමි ළමයෙකු බුන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයකදී හමුවී ඇත.

.බුන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් සිය සංචාරක කටයුතු අතරතුරදී මේ දරුවා සොයාගෙන තිබේ.

දරුවාගේ භාරකරුවන් කවුද යන්න පිළිබඳව හෝ දරුවා වනය තුළට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු ආනාවරණය වී නැත.

වනජීවී නිලධාරීන් විසින් මෙම දරුවා හම්බන්තොට පොලිසියට භාර කර තිබේ. අනතුරුව හම්බන්තොට මූලික රෝහලට දරුවා ඇතුළත් කර ඇත..

බුන්දල ජාතික වනෝද්‍යානය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *