සමන් පෙරේරා
මහකනදරාව ගොවි ව්‍යාපාරයේ මෙවර යල කන්නයට අදාළ වී වපුරා ගොයමට මාසයක කාලයක් ගත වී ඇතත් තවමත් ගොයම් සඳහා පොහොර සහනධාරය ලැබී නොමැති බව මහකනදරාව ඒකාබද්ධ ගොවි ව්‍යාපාරයට අයත් රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා පවසයි.
ඔහු මෙසේ ද කීය.
“…අපි රූපවාහිනියෙන් දැක්කා පොහොර සහනාධාරය නෙවෙයි වගා සහනාධාරයක් ලබා දෙන බවට නියෝජ්‍ය කෘෂිකර්ම ඇමතිවරයා කියනවා. මේ පොහොර සහනාධාරයේ වගා සහනාධාරයේ වෙනස අපි දන්නැහැ. මේ කිව්ව ප්‍රකාශය තුළින් අපිට සැකයක් තියෙනවා ඉදිරියේදී පොහොර සහනාධාරය කපා දායි ද කියලා. මහකනදරාව ගොවී ව්‍යාපාරයේ ගොවියන් බලාපොරොත්තුවෙන් සිටිනවා කඩිනමින් මෙම පොහොර සහනාධාරය ලැබෙයි කියලා….”
මේ වන විට මූලික පොහොර යොදා ගැනීමට නොහැකිව ගොවියා අසරණතාවයට පත්ව සිටිනවා. මේ හේතුවෙන් අස්වැන්න අඩු වෙනවා. එවිට ගොවියාට විශාල පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඉතිං ගොවියා කබලෙන් ලිපට වැටෙනවා .
නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා රු.15,000 ක් හෙක්ටයාරයකට පළවෙනි අදියරට දෙන බව. දෙවැනි සැරේ ආපහු රු.10,000 දෙනවා කියලා. අපිට සැකයක් තියෙනවා ගොවියාගේ වී ටික රජයට දුන්නට පස්සේ දෙවෙනියට ලබා දෙන කොටස ලබාදෙයි කියලා. ගිය සැරේ විශාල පාඩුවක් ගොවීන්ට සිද්ධ වුණා වර්ෂාව නිසා.


