සමන් පෙරේරා
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දිනයන් හි දී විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව එළඹෙන ජුනි 09 වන දින පෙරවරු 5.30 සිට පස්වරු 9.00 දක්වා කාලයේ දී දුම්රිය 09 ක් අනුරාධපුරය වෙත පැමිණීමට නියමිතය. ඉන් දුම්රිය දෙකක් පෙරවරු 5.25 ට සහ පෙ.ව. 8.55 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරයි. ඉතිරි දුම්රිය කොළඹින් ගමන් අරඹා අනුරාධපුරය වෙත පැමිණේ.
ජුනි 10 වනදා බෙලිඅත්තේ සිට එක් දුම්රියක් හා කොළඹ කොටුවේ සිට දුම්රිය හයක් අනුරාධපුරයට පැමිණිමට නියමිතයි. එදින බෙලිඅත්තෙන් පැමිණෙන දුම්රිය ගමන් ආරම්භ කරන්නේ පෙරවරු 8.55 ට ය.
ජුනි 11 වනදා පෙරවරු 5.30 සිට පස්වරු 8.00 දක්වා දුම්රිය හයක් කොළඹ සිට අනුරාධපුරයට පැමිණිමට නියමිත අතර එදින තවත් දුම්රියක් බෙලිඅත්තෙන් පෙරවරු 8.55 ට ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇත.
අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යාමට ද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ. ඒ පිළිබදව තොරතුරු පොසොන් වන්දනා ජංගම යෙදවුම හරහා දැනගැනීමට පහසුකම් සලසා ඇත.


