තිරප්පනේ සමන් පෙරේරා

අතිගරු ජනාධිපතිතුමාගේ නියෝග රජයේ නිලධාරීන් ක්‍රියාත්මක නොකරන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවය කළ නොහැකි බව මා වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන්නැයි මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචාර්‍ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි අවධාරණය කරයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මෙවර පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලා මහා සෑයේ සුදු පිරියම් කිරීමේ උත්සවයට අද සහභාගි වීමෙනි.
රජය විසින් මෙවර රාජ්‍ය අනුග්‍රහය සහිතව රාජ්‍ය පොසොන් උත්සවය සිදු කරන බව ප්‍රකාශ කළත් අද දිනයේ මෙම මහ සෑයේ සුදු පිරියම් කිරීමේ උත්සවය සඳහා කිසිදු රාජ්‍ය නිලධාරියෙක් සම්බන්ධ වී නොමැති බවද උන්වහන්සේ කීහ.
උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය විසින්, සියලු ආයතනවලට මේ පිළිබඳව දැනුවත් කළත්, මේ වනතෙක් කිසිදු ආයතනයක් උන්වහන්සේ සමග සම්බන්ධ වී, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධ කටයුතු අඩුම තරමේ සොයාබැලීමක්වත් කර නැතැ බවයි.
පොසොන් උත්සවයට තවත් කෙටි කාලයක් ඇති නිසා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවට රජය විසින් ප්‍රකාශ කළත් එය සිදු නොවන්නේ නම් හැකි ඉක්මනින් ඒ බව උන්වහන්සේ වෙත දැනුවත් කරන මෙන් ජනපතිවරයාගෙන් උන්වහන්සේ ඉල්ලා සිටින බව වැඩිදුරටත් කියා සිටියහ.
මෙම කටයුත්ත කෙසේ හෝ උන්වහන්සේ විසින් සිදු කළ යුතු බවත්, ලෝකවාසී ජනතාව මෙම පොසොන් උත්සවය සඳහා සම්බන්ධ වන නිසා, රාජ්‍ය අනුග්‍රහය නොලැබුණත්, ලෝකවාසී ජනතාවගේ උපකාරයෙන් හෝ මෙම උත්සවය කරගෙන යෑමට අවශ්‍ය බව නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේ ද කීය.
“…ජනපතිවරයාට තමයි රටේ සියලු නිශ්චල චංචල දේපළ අයිති හා භාරකාරීත්වය තියෙන්නේ . ඒ භාරකාරීත්වය අනුව තමයි එතුමන්ලා නියෝග දීලා තියෙන්නේ. ඒ නියෝගය තමයි තාමත් ක්‍රියාත්මක නොවෙන්නේ , පොසොන් එක ජූනි මාසයේ තිබුනත් කලින් මෙම වැඩ සියල්ල ඉවර කර ගත යුතුයි….”
අද තින්ත ගෑමේ කටයුත්ත සිදු කෙරිණි. පුරාවිද්‍යා ආඥා පනතෙන් එම කටයුත්ත නිසා උන්වහන්සේට නඩු දමන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. එම නිසා පුරාවිද්‍යා ආඥා පනත මිහින්තලයට පමණක් බලවත් බවත්, වෙනත් කිසිදු ස්ථානයකට එසේ නොමැති බවත් උන්වහන්සේ කීහ.
“…මම හිතන හැටියට මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානයට යොමු විය යුතුයි. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න රැස්වීම් දෙකක් තිබුණා. ,එතනදී සාකච්ඡා කළාට කිසිවක් සිදුවෙන්නේ නෑ කියලා තමයි මට කියන්න වෙන්නේ….”


