යසංග මහවිතාන
ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.
පොලීස් ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බරයේ දී බඳවා ගැනීමටත් කටයුතු සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
.
වැඩිදුරටත් කරුණු දක්වමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබා ගැනීම සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවයි
