පොලිස් නිලධාරීන්ට රුසියානු භාෂා පාඨමාලාවක්

දිනේෂ් රූපසිංහ,කොළඹ

රුසියානු තානාපති කාර්‍යාලයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවේ සක්‍රීය සේවයේ යෙදී සිටින නිලධාරීන් සඳහා රුසියානු භාෂාව පුහුණු කිරීමේ පාඨමාලාවක් හඳුන්වා දීම අද (08) අත්තිඩිය ජාතික පොලීස් අභ්‍යාස ආයතන සංකීර්ණයේදී සිදු කෙරිණ. 

රුසියානු තානාපති කාර්‍යාලයේ ප්‍රධාන ලේකම් මාරියා පපෝවා (Mrs.Maria Papova) මහත්මියගේ ප්‍රධානත්වයෙන් 

අත්තිඩිය ජාතික පොලීස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී  ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂාන්ත චන්ද්‍රසේකර මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව නිලවශයෙන් ආරම්භ කිරීම එම පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම පාඨමාලාව මින් පෙර ගාල්ල පොලීස් අධ්‍යාපන ආයතනයේදී පවත්වා ඇති අතර කොළඹදී අද ආරම්භ කෙරුනේ එහි දෙවන පාඨමාලාවය.

ශ්‍රී ලංකාව වෙත රුසියානු සංචාරකයින් විශාල ලෙස මේ වනවිට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලීස් නිලධාරීන්ට එම විදේශිකයින් වෙත සේවා සැපයීමේදී ඔවුන් ඇමතීම පහසු කරනු පිණිස මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *