පේරාදෙණිය ආදි විද්‍යාර්ථයින්ගෙන් “Clean pera”

රන්ජන් මඩගම්මන ,ඇහැලියගොඩ

Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය 86/87 ශාස්ත්‍ර පීඨ ආදි විද්‍යාර්ථියින්ගේ “දරුවන්ට රටක්  ජාතික එකමුතුව”  හා විශ්වවිද්‍යාලයීය “පාරිසරික තිරසාරත්ව කෙන්ද්‍රය” එක්ව  “Clean Pera”  පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාලය අවට පිරිසිදු කිරීමේ පරිසර පවිත්‍රතා වැඩසටහනක්   සංවිධානය කර තිබිණි.

මෙම පරිසර පවිත්‍රතා වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලය අවට රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල ආදී විද්‍යාර්ථයින්, මහා ශිෂ්‍ය සංගමය, විශ්වවිද්‍යාල අචාර්‍යවරුන්, සේවක වෘත්තීය සමිති ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිති සමාගම්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනධ්‍යයන සේවකයින් ඇතුළු විශාල පිරිසක් එක්වීය.

 ගලහ මංසන්ධියෙන් ආරම්භ වූ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා, විශ්වවිද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින් නියෝජනය කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් මහතා ද සහභාගී වීය.

Clean Pera පරිසර පවිත්‍රතා වැඩසටහන‍ යටතේ ගලහ  මංසන්ධියේ සිට  පේරාදෙණිය නගරය හරහා ඉංජිනේරු පීඨය දක්වාත්, ගලහ මංසන්ධියේ සිට මහනුවර පාර දංගොල්ල මංසන්ධිය දක්වාත්, ගලහ මංසන්ධියේ සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා රාමනාදන් ශාලාව දක්වාත්, ගලහ මංසන්ධියේ සිට උඩපේරාදෙණිය පරගල් පල්ලිය දක්වාත් පවිත්‍ර කෙරිණි.

මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා විශ්වවිද්‍යාලයට දෛනිකව පැමිණෙන බාහිර පිරිස් විධිමත් ලෙස කැලි කසළ බැහැර කිරීම කෙරෙහි අභිප්‍රේරණය කිරීම හා විශ්වවිද්‍යාලයට ඇතුල්වන ස්ථානයන්හි විශ්වවිද්‍යාලය පොලිතින් මුක්ත කලාපයක් බව සඳහන් නාමපුවරු  සවිකිරීම ද සිදුවිය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *