සංජීවනී පද්මසේන
නොමිලේ පවත්වනු ලබන ඉහත පාඨමාලාව සඳහා 2025 වසරේ පාඨමාලා ආරම්භය, ලියාපදිංචිය, හා දේශන ආරම්භ කිරීම පෙබරවාරි 15 වන සෙනසුරාදා උදෑසන 9 ට බොරැල්ල සුඝීශ්වර ශාලාවේදී සිදු කෙරේ. ලාංකීය ජනතාවගේ දේශපාලන, ආර්ථික හා සන්නිවේදන සාක්ෂරතාවය වැඩි කිරීම සඳහා පවත්වනු ලබන මෙම පාඨමාලාව සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක. එමෙන්ම කිසිදු පාඨමාලා ගාස්තුවක් අය නොකරයි. මෙම විද්‍යායතනය පවත්වාගෙන යන්නේ ආසියා ප්‍රගති සංසදය මඟිනි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කාර්යාල වේලාව තුළදී 011 2695925 දුරකතන අංකය ඇමතීමෙන් හෝ esps.colombosi@gmail.com ලිපිනය වෙත යවන e mail පණිවිඩයකින් හෝ ලබා ගත හැකිය.