(වවුනියාව මාධව කුලසූරිය).

කලක් යුද බියෙන් ඇලලී ගිය පුදුකුඩීඉරිප්පුවේ සාමකාමී වාතාවරණය සංකේතවත් කරමින් මුලතිව්,පුදුකුඩිඉරිප්පු,මණ්නන්කන්ඩාල් ප්රදේශයේ මාර්ගය හරහා ඊයේ (04) සවස වන අලි රංචුවක් ගමන් කරනු දක්නට ලැබිණි.
වන අලි 20 කට වැඩි ප්රමාණයක් මාර්ගය හරහා ගමන් කරනු ලැබු අතර, ඒ හේතුවෙන් අදාළ අවස්ථාවේ මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වි තිබිණ.
ඊයේ (04) සවස 5.45 ට පමණ වන අලි රංචුව මාර්ගය හරහා ගමන් කරනු ලැබු අතර, අලි පැටවුන් හා වැඩිහිටි අලි අලි රංචුව තුළ දැක ගැනීමට හැකිවිණ. බෝම්බ , වෙඩි හඬ නොඇසෙන පුඩුකුඩීරිප්පු භූමියේ අවට පරිසරය පිළිබඳව වගේ වගක් නොමැතිව මෙම වන අලි පාර හරහා මාරු වෙන ආකාරය දුටුවන්ගේ මනබඳින දසුනක් විය.



