පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන වෙත කඩා වැදි ඇති වල් අලි නැවත වනාන්තර වෙත පලවා හැරිම් මෙහෙයුමින් වල් අලින් 60 කට ආසන්න පිරිසක් මේ වන විට තබ්බෝව අභය භුමිය වෙත පලවා හැරීම් කර ඇති බව පුත්තලම වනජිවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසීය.
ගම්වැදුන වල් අලි පලවා හැරිමේ මෙහෙයුම් පසුගිය මාර්තු 15 දින ආඩිගම ප්‍රදේශයෙන් ආරම්භ වු අතර එය අප්‍රේල් 10 දින දක්වා ක්‍රියාත්මක වේ.
මේ සදහා වනජීවි නිළධාරීන් , නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා යුධ හමුදාව ගම්මාන වල ජනතාවගේ දායකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මකව ඇත.
වල් අලි වනාන්තර වෙත පලවා හැරිමේ මෙහෙයුම සාර්ථක කර ගැනිමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ඒකකය වල් අලි රැදි සිටින ස්ථාන හදුනා ගැනිම සිදුකරමින් සහාය දෙති.

මෙම මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මක වි දින 10 ක් ගතව ඇති බවත් එම වකවානුව තුළ ආඩිගම,පල්ලම,මහකුඹුක්කඩවල,ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල සැරිසරමින් සිටි වල් අලි 60 කට සංඛ්‍යාවක් ක්‍රමයෙන් නැවත තබ්බෝව අභය භුමිය වෙත පළවා හැරිමට කටයුතු කර ඇති බව වනජීවි සහකාර අධ්‍යක්ෂ වරයා පැවසීය.
මෙම අලි මෙහෙයුම මගින් පලවා හරින වල් අලි රංචු නැවත ගම්මාන වෙත කඩා වැදිම වැලැක්විමට එය ආරම්භයේ සිට ප්‍රධාන මාර්ග ආසන්නයේ රාත්‍රි මුර සංචාර හා වැටලිමට එක්වු නිළධාරීන් ස්ථාන ගත කරමින් රදවා තැබිමට කටයුතු කර තිබුණි.
අලි මෙහෙයුම අතර තුර එය ආරම්භයේ සිටම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය හා නිලධාරීන්ගේ අවශ්‍යතාවන් පිළිබදව සොයා බැලිමට රාජ්‍ය පරිපාලන ඇමති ආචාර්ය චන්දන අබේරත්න මහතා පැමිණ තිබුණි.ඔහු වැටලිමට එක්වු නිළධාරීන් සමග මධ්‍යම රාත්‍රි වන තුරු රැදි සිටිමින් එය අධීක්ෂණය කිරීමට කටයුතු කළේය.
ඒ සමගම පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාන් ජානක මහතා සමග පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි .හේරත් මහතා ද අලි මෙහෙයුම පිළිබදව සොයා බලමින් ඒ සදහා දායකත්ව ලබා දුන්හ.


