පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ කටයුතු අද දවල් 12න් අවසන්

ලක්මිණි නදීෂා – කොළඹ 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් විය.

පසුගිය 03 වනදා ඇප තැන්පත් කිරීමේ කටයුතු ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්’ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්’යාලවලදීද පහසුකම් සපයා තිබුණි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම ඉකුත් 17 වනදා ආරම්භ කෙරුණු අතර නාමයෝජනා භාරගැනීම හෙට (20) මධ්‍යහ්න 12න් අවසන් වනු ඇත.

හෙට මධ්‍යහ්න 12 සිට පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලැබෙන බවත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව බවත් මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *