පීටර්  සූරසේන කලා ශිල්පියා දැයෙන් සමු ගනියි.

හේවාහැට-චම්පික දසනායක 

ඵෛතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පෙළේ වෙස් නර්තන ශිල්පියෙකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අමිල මෙහෙවරක නිරතවූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පි නර්තනාචාර්ය ශ්‍රී ලංකා තිලක පීටර් සූරසේන කලා ශිල්පියා ඊයේ (25දා) අභාවප්‍රාප්ත විය 

1940 ජනවාරි 13දා මහනුවර අරුප්පල ගාමයේදී උපත ලද පීටර් සූරසේන මහතා වයස අවුරුදු 19දී  නර්තන ශිල්පියෙකු ලෙස වෙස් පැළඳ වසර පනහකට අධික කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වෙස් නර්තන ශිල්පියෙකු ලෙස ජාත්‍යන්තර  කීර්තියට පත් සම්මානනීය කලා කරුවෙකි 

මහනුවර අමුණුගම ගුන්නෑපාන ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මෙරට පළමු නර්තන  කලායතනයෙහි සුප්‍රසිද්ධ නර්තන ගුරුවරයෙකු ලෙස කීර්තියට පත් සුරඹා ගුරුන්නාන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස නර්තනයට පිවිස නර්තනාචාර්ය  නිත්තවෙල ගුණයා නිත්තවෙල උක්කුවා නිත්තවෙල ශ්‍රී ජයනා යන ගුරු පරම්පරා හතරකින්  සම්ප්‍රදායානුකූලව වෙස් පැළඳ පාරම්පරික උරුමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙස් නර්තනය හැඩ කල පීටර් සූරසේන මහතා දළදා පෙරහැරෙහි  දක්ෂතම වෙස් නර්තන ශිල්පියා ලෙස මෙරට නායකත්වය හෙබවූ ජනාධිපතිවරුන් පස් දෙනෙකු අතින් ජනාධිපති සම්මාන දිනාගත් ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙකි .

මහනුවර ශාන්ත සිල්වෙස්තර  විද්‍යාලයේ  නර්තනාචාර්ය වරයා ලෙස දීර්ග කාලයක් සේවය කර දරුවන් දහස් ගණනකට ශිල්ප දැනුම ලබාදුන්  පීටර් සූරසේන මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (26දා) මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *