විදුලි බිඳවැටීම්  දැනුම් දෙන්න – විදුලි බල මණ්ඩලය

(යසංග මහවිතාන )

යහපත් කාලගුණය  හේතුවෙන් සිදු වූ විදුලි බිඳ වැටී ඇත්නම් විදුලි බල මණ්ඩලයට  දැනුම් දිය හැකි ආකාරය පිළිබඳව එම මණ්ඩලයේ මාධ්‍ය පකාශකවරයා විසින් මහජනයා දැනුවත් කිරීමක් කර තිබේ.

ඊයේ (29) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟින් ප්‍රදේශ කිහිපයක දැඩි හානි වාර්තා වේ. .

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල  ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව තිබේ. ජීවිත හානියක් නොමැති වුවත් ඇඩි දේපළ හානි සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ ගාලු පාරේ කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වාද අතු කඩා වැටීම් රාශියක් වාර්තා වේ.එම අතු කඩා වැටීම් නිසා  විදුලි රැහැන් වලට හානි වීමෙන් විදුලි බිඳවැටීම් රාශියක්ද  වාර්තා වී තිබේ.

එම විදුලි බිඳවැටීම් කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි

1987 කෙටි අංකය ඔස්සේ  හදිසි බිඳ වැටීම් අංශයට ඇමතුමක් ලබා දීමෙන් හෝ  (CEB Assist) ජංගම යෙදවුම හරහා එවැනි බිඳවැටීම් පිළිබඳව  දැනුම්  දිය හැකි බව  විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *