පිරිසිදු ගුණාත්මක ආහාර වේලක් ජනතාවට දෙන්න රජයෙන් වැඩපිළිවෙලක්

ලක්මිණි නදීෂා – කොළඹ 

දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබේ.

ඒ ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහාය.

මේ සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබාගැනීමට නියමිතය.

මෙහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කෙරේ.

මේ අතර මෙහි දෙවන අදියර ලෙස දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක්ද ආරම්භ කිරීමට යෝජිතය.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (27)  ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *