පැහැර ගත් කාන්තාව ඇල්පිටියෙන් හමුවෙයි

වැලිගම  තරංග ගුණරත්න 

රැකියාවට ගොස්  නැවත නිවස වෙත ළඟාවෙමින් සිටියදී  වැලිගම  බොරාළ ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන කාන්තාව  ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා සිටියදී  4  දින පස්වරුවේදී  සොයා ගත්බව වැලිගම පොලිසිය පවසයි.

වැලිගම පොලිස් වසමේ බොරාලගම ප්‍රදේශයේ පදිංචි වයස  (22 ) වන කාන්තාවක්   මෙලෙස පැහැරගෙන ගොස් තිබිණි .
එම කාන්තාව  කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඉකුත් 24 දින පස්වරුවේදී රාජකාරී කටයුතු යෙදී තිබූ බැවින්  එදින පස්වරු 01 පමණ  නිවසින් පිටව ගොස් තිබු අතර රාත්‍රී

10 :00 පමණ  තම සේවා මුරය අවසන් කොට  ආයතනය සතු ප්‍රවාහන සේවාව මගින් නිවස වෙත ළඟාවෙමින්  සිය සැමියාට  ප්‍රධාන  මාර්ගයට පැමිණෙන ලෙස දුරකථන පණිවිඩයක් ලබා දී තිබේ. ඒ අනුව ඔහුගේ ස්වාමිපුරුෂයා  වැලිගම බොරාල ප්‍රධාන මාර්ගයේ රැඳී සිටියදී   ඔහුගේ බිරිඳ  ආයතනය සතු ප්‍රවාහන සේවා බස් රථයෙන් එම ස්ථානයට පැමිණ තිබේ
ඒ සමගම එම බස් රථයේ පසුපස පැමිණි  වෑන් රථයේ සිටි පිරිසක් විසින් තියුණු ආයුධ පෙන්වා ඔහුගේ බිරිඳ පැහැරගෙන ගිය බවට ස්වාමි පුරුෂයා විසින් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කොට තිබිණි .
ඒ අනුව වැලිගම පොලිසියේ  ස්ථානාපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත  පරීක්ෂණ ආරම්භ කෙරිණි.
එම පරීක්ෂණ අනුව   වැදගත් තොරතුරු රාශියක් මත ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම කාන්තාව (4 ) දින පස්වරුවේදී  සොයා ගැනීමට වැලිගම පොලිසිය සමත්ව තිබේ.
එම කාන්තාවගේ පියාගේ මුල් පදිංචිය ඇල්පිටිය ප්‍රදේශය වන බවත් එම ප්‍රදේශයේ නිවසක් කුලීමත ලබාගෙන එම කාන්තාව එහි සඟවා සිටි බව පොලිසිය පවසයි.
පැහැර ගැනීම සඳහා පැමිණී  පුද්ගලයෙක් සහ කාන්තාවක් මෙන්ම  එම කාන්තාවගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව පැහැර ගැනීමට යොදාගත් කුලී සේවා ආයතනයක කුඩා වෑන් රථයක් සහ තවත්  ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය ප අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බවත්  ඒ පිළිබඳව ඔහු දැනුවත් කළත් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බැවින් සිය දියණිය පැහැර ගත් බවඔහුට කාන්තාවගේ පියා පැවසූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සියලුම සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත්  කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති එම් ,පි,ජි. නන්දසිරි මහතාගේ මෙහෙයවීම මත  පොලිස් සැරයන් (40603 ) චතුරංග , (55906 ) සමන්ත,  පො කො (99147 ) සූරියාරච්චි (105918 ) ලක්ෂර යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *