පා ,දෙපා අහිමි රණවිරූ ආසියානු පැරා ත්‍රෝබෝල අනුශූරතාවය දිනා ගනිති

අජිත්ලාල් ශාන්තඋදය

පළමුවන ආසියානු පැරා ත්‍රෝ බෝල් අනුශූරාව දිනා ගැනිමට ශ්‍රීලංකා ජාතික පැරා ත්‍රෝ බෝල් කණ්ඩායම සමත් විය.

යුද්ධයේ දී පා  සහ දෙපා අහිමි ක්‍රීඩකයින් නව දෙනෙකුගෙන් යුතු ජාතික පැරා ත්‍රෝ බොල් කණ්ඩායම සහ සත්කාරක කාම්බෝජියානු ජාතික  ත්‍රෝල් බෝල් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්විනි.

කාම්බෝජයේ පොපේන් නගරයේ කාම්බොජියානු පැරා ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී මෙම තරගාවලිය පසුගිය 28දා ආරම්භ විය. ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මැලේසියාව,තායිලන්ත, කාම්බෝජය ආදි ආසියාතික රටවල පැරා ත්‍රෝබෝල් කණ්ඩායම් මෙහිදි තරග වැදුනි.

මැලේසියානු සහ ඉන්දියානු කණ්ඩායම් දෙක සමග මූලික වටයේ තරගවලට සහභාගිවු ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ජයග්‍රහණය කර අවසන් වටයට තේරුණි. කාම්බෝජියානු සහ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය කාම්බෝජයේ පොපේන් නගරයේ කාම්බෝජියානු පැරා ඔලිම්පික් පුහුණු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී  පැවැත්විණි.

පා සහ දෙපා අහිමි රණවිරුවන් වු එම්. සුරංග විජේරත්න, ජේ.ඒ.ජයතිලක, ඩී.පී.කේ.සෝමසේකර, එම්.ජී.වික්‍රමරත්න, ඩබ්.එම්.එල්.ඩී.වීරසේකර, එම්.ජී.ජී.ඒ. බණ්ඩාර, ජී.ඒ.අයි.එම්. ගුණසේකර, එම්.ඩී.ජී.සුමිත් කරුණාරත්න, ඩබ්.එම්. ජයතිලක බණ්ඩා යන  ක්‍රීඩකයෝ පැරා ත්‍රො බෝල් ජාතික කණ්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, ජාතික ත්‍රෝ බොල් සම්මේලනයේ අනුශාසක, රත්නපුර කුමර විද්‍යාලයේ විදුහල්පති පියසිරි පතිරගේ මහතා කාම්බෝජයේ සිට දුරකතනයෙන් පැවසුවේ ආසියාවේ බලවත් රටවල් පරාජයට පත් කිරිමට තරම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතාව සහ ආත්ම විශ්වාසය මෙම ජයග්‍රහණයට හේතු වුණ බවයි. ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මැලේසියාව,තායිලන්ත, කාම්බෝජය ආදි ආසියාතික රටවල පැරා ත්‍රෝ බොල් කණ්ඩායම් මෙහිදි තරග වැදුනහ.

ශ්‍රීලංකා පැරා ඔලිම්පික් කමිටුවේ පූර්ණ අනුමැතියත්, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතියත්  ශ්‍රී ලංකා ජාතික ත්‍රෝ බෝල් කණ්ඩායමට හිමිවිය. ජාතික ත්‍රෝ බොල් සම්මේලනයේ අනුශාසක, රත්නපුර කුමර විද්‍යාලයේ විදුහල්පති පියසිරි පතිරගේ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළේය. අයි.එන්.කේ. රත්නායක සහ එම්.එල්.එන්. රිල්වාන් යන පුහුණුකරුවන් දෙදෙනාද, ත්‍රෝ බෝල් සංගමයේ සභාපති ටී.එච්.ඩී. චන්දන, ලේකම් එස්.එස්. වික්‍රමසිංහ සහ කමිටු සාමාජික මේජර් ඒ.එස්.එම්.සී.කේ. අත්තනායක යන මහත්ම මහත්මීහු නිලධාරීන්  ලෙස සහභාගි වූහ.. මේ මස 31දා අනුශූරතාව දිනාගත් කණ්ඩායම යළි ශ්‍රීලංකාව බලා පැමිණිමට නියමිතය.

යුධ බියෙන් ගිනිගත් රටක්  ඉන්  මුදා ගැනීමෙන් නොනැවතී පුංචි ශ්‍රී ලංකාව ලෝකයක් හමුවේ ඔසවා තැබූ ඔබට  truthlk අපේ ශුභාශිංසන ද මෙසේ එක් කරන්නෙමු.

ආසියානු පැරා ත්‍රෝ  බෝල් අනුශූරයෝ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *