පාහියංගල ලෙනෙන් හමුවුණු අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනයට

සංජීවනී පද්මසේන

පාහියංගල ලෙනෙහි සිදුකළ පර්යේෂණවලින් සොයාගත් අස්ථි කොටස්වලින් එකලස් කරන ලද සැකිල්ල නිසි පරිදි සංරක්ෂණය කිරීම කඩිනම් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් පෙබරවාරි 20වන දින අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු මධ්‍යස්ථානයේ දීය.

එම අස්ථි සැකිල්ල මේ වන විට ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ කායව්‍යච්ඡේද අධ්‍යනාංශයේය. වැඩිදුර විධිමත් ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව එය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ද ඉන් අනතුරුව ඉදිරියේදී අස්ථි සැකිල්ල මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ද මෙහිදී සාකච්ඡා විණි.

මෙම සාකච්ඡාව වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ආචාර්ය ඔෂාන් වෙදගේ, ව්‍යුහ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එස්. සී යසවර්ධන, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ටී කස්තුරිආරච්චි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් සහ කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී අධිකාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *