තරංග ගුණරත්න වැලිගම

විවිධ හේතු මත වැසී යාමට ලක්වූ වැලිගම වැලිපිටිය එළුවාවල කණිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැගිලි වසර ගණනාවක් තිස්සේ නිකරුණේ විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
එළුවාවල කනිෂ්ඨ විද්‍යාලය වැලිගම – වැලිපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අයත් පාසලකි
ආරම්භක අවධියේදී පළමු ශ්‍රේණියේ සිට අටවෙනි ශ්‍රේණිය දක්වා මෙම විද්‍යාලයේ පන්ති පැවතුණි., එහි දරුවෝ 400 ක් පමණ අධ්‍යාපනය ලැබූ හ. කාලානුරූපව ප්‍රදේශයේ අන් පාසල් වලට සමානව මෙම පාසල දියුණු නොවීම සමඟ 2019 වර්ෂය වන විට විද්‍යාලයේ සමස්ත දරුවන් සංඛ්‍යාව තුන් , හතර දෙනෙකු දක්වා පහළ වැටී තිබුණි. ඒ වනවිට පාසලට අවශ්‍යය ගුරුවරුන් සංඛ්‍යාව පාසල සතුව තිබුණත් පළමු ශ්‍රේණියට සහ අනෙකුත් ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමට දෙමව්පියෝ මැලිකමක් දැක්වූහ. එය මෙම විද්‍යාලය වැසී යාමට ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබු බව ප්‍රදේශවාසීහු පවසති.
පාසල පවත්වාගෙන යාමට තරම් ශිෂ්‍යයන් නොමැති වීම නිසා එවකට බලධාරීන් විසින් මෙම විද්‍යාලය වසා දැමීමට පියවර ගෙන තිබිණි.
2019 වර්ෂයේදී පමණ මෙම විද්‍යාලයේ ගොඩනැගිලි අලුත් වැඩියා කර තිබූ නමුත් මේ වන විට මෙම විද්‍යාලය වසා දැමීම නිසා වටිනා ගොඩනැගිලි ශාලා දෙකක් ඇතුළු සම්පත් විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ස්ථානය සහ ගොඩනැගිලි යොදා ගනිමින් ජනතාවට සේවාවක් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

