(කිත්සිරි වනසිංහ)
ගංජා හොරකමේ ගිය පාසල් සිසුන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු අඩි දෙකක් පමණ උසැති ගංජා පැල තුනක් සමග මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේ මිහින්තලේ බස් නැවතුම් පොළ භූමියේ රැඳී සිටියදී මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මිහින්තලේ ප්‍රදේශයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 පසුවන මිහින්තලේ ප්‍රදේශයේම පදිංචි ළමුන් දෙදෙනෙකු සහ මිහින්තලේ ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි තරුණයකු මෙසේ අත් අඩංගුවට පත් තිදෙනා අතර වේ.
මෙම තිදෙනා මිහින්තලේ බෝ ගහ යාය ප්‍රදේශයේ ගෙවත්තක වගා කර තිබූ ගංජා වගාවක පැල තුනක් රාත්‍රී කාලයේ හොර රහසේ ගලවාගෙන පැමිණ මින්තලයේ බස් නැවතුම්පොල භූමියේ රැඳී සිටියදී රාත්‍රී මුර සංචාරයේ යෙදුන මිහින්තලේ පොලිසියේ නිලධාරීන් පිරිසක් මොවුන් පිළිබඳව සැකසිතී කරන ලද සෝදිසියේදී මෙම තිදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.
පසුව මොවුන්ගෙන් ලද තොරතුරු අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මිහින්තලේ බෝගහයාය ප්‍රදේශයේ ගෙවත්තක සිටුවා තිබූ කුඩා ප්‍රමාණයේ ගංජා වගාවක් හා එහි හිමිකරු පොලිස් භාරයට ගෙන තිබේ. එම වගාවේ ගංජා පැල විසිතුනක් (23) වගා කර තිබියදී සොයාගෙන ඇත.
මෙම පිරිස අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් පරිවාස වාර්තාවක් කැඳවා ඇති අතර දඩුවම් නියම කිරීම සඳහා මෙම මස 21 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
මිහින්තලේ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

