(සංජීවනි පද්මසේන)
ගල්ගමුව, පාලුකඩවලවැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනෙකු දියේ ගිලීම නිසා ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔවුන් දෙදෙනා ගල්ගමුව රෝහල වෙත ඇතුළත් කළ ද දිවි බේරා ගැනීමට නොහැකි වී තිබේ.
මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටිය දී දිය නෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇත.
අවුරුදු 12 ක් සහ 17 ක් වන මෙම දෙදෙනාගේ මෘත දේහ මේ වනවිට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබේ.




