පාදුක්කේදී සිදුවුණු දුම්රිය අනතුර

නික්කි රණසිංහ 

පාදුක්ක, ලියන්වල, තුත්තිරිපිටිය ප්‍රදේශයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අද (20) දින අනතුරක් සිදුවී තිබේ.

ජීප් රථය දුම්රිය හරස් මාර්ගයකින් ඇතුළු කිරීමට යාමේදී, කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු දුම්රියක ගැටී ඇත.

අනතුරින් පසු සුළු තුවාල ලැබූ ජීප් රථයෙහි ගමන් කළ තැනැත්තා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලදී.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා නොතිබුණු බවත්, එහි රාජකාරි කළ තැනැත්තා ඒ වනවිට එහි නොසිටි බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *