වැලිගම තරංග ගුණරත්න
වැලිගම, බටවල, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද අලුයම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය පවසයි .
මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට අද (17 ) අලුයම 2:10 පමණ වෙඩි තබා තිබිණි.
එ සදහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි ප්‍රහාර පහක් තබා තිබූ අතර ඉන් නිවසේ කිසිවෙකුට හානි සිදුව නොමැති වුවත් නිවසේ දොර ජනෙල් වලට හානි සිදුව තිබිණි.
කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් මිදිගම ,පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස 28, 40, 41 වයසේ පසුවන පුද්ගලයන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය , වැලිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ මෙහෙයවේ.
