පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය

පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය

මොහොමඩ් ආසික්

මධ්‍යම පළාතේ ඡන්දයෙන් පත් වූ සභිකයින් 729 දෙනා අතර කාන්තාවන් ඉන්නේ 67යි. එය 9.1ක් පමණකි.

ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද  රාජ්‍ය පාලනය ප්‍රාදේශීය මට්ටමින් පවත්වාගෙන යාම ඈත අතිතයේ සිටම පැවතගෙන එයි. එසේ වුවත් වර්තමානයේ අප රට සතුව පවතින්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් දායාද කරනු ලැබූ ප්‍රාදේශිය පාලන ක්‍රමයක් හෙවත්  ප්‍රාදේශිය ආණ්ඩු ක්‍රමයකි.

1865 අංක 17 දරණ මහ නගර සභා ආඥා පනත යටතේ ලංකාවේ මුල්ම මහ නගර සභාව ලෙස කොළඹ මහ නගර සභාව පිහිටවනු ලැබූ අතර 1866 දි ගාල්ල සහ මහනුවර මහ නගර සභා පිහිටවනු ලැබීය.  පසුව මහ නගර සභාවලට අමතරව, නගර සභා සුළු නගර සභා සහ ගම් සභාද පිහිටවනු ලැබිණ. 1980  දශකයේදී ඒවා අහෝසි කර ප්‍රාදේශිය සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය.එතෙක් ලංකාව තුළ ගම් සභා ක්‍රමයක් භාවිතා වූ අතර එහි ගරු නියෝජිතයෝ සිටියහ.

පළාත් පාලන ව්‍යුහයේ මෑත කාලීනව විශාල වෙනස්කම් රැසක් සිදුව  ඇති බව බොහෝ කතාබහට ලක්ව තිබේ. ගමේ ජනතාව එක්ව ගම සංවර්ධනය කර ගැනීම පළාත් පාලන ආතයනවල අරමුණ වුවත් වර්තමානය වන විට දේශපාලන පක්ෂවල බලය උරගා බලන මෙවලමක් ලෙස පළාත් පාලන ආයතන පත්ව තිබීම දැකිය හැකිය.

2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් පළාත් පාලන ආතයනවල සභික ධූරය වැඩි කර සියයට විසි පහක  කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබේ. මෙම පනත යටතේ  මේ දක්වා පවත්වා ඇති එකම මැතිවරණය වන්නේ 2018 පෙබරවාරි 10 වනදා  පැවති  පළාත් පාලන මැතිවරණයයි‍. මෙම පනත යටතේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන මැතිවරණය 2023 මාර්තු මස නව වනදාට දින දියම කර තිබුණද  මුදල් ගැටළුවක් මක එය කල් තැබිණ.

මෙම තත්වය තුළ නව පනත යටතේ  මෙතෙක් පැවතී ඇති එකම පළාත් පාලන  මැතිවරණය වන 2018 වසරේ පැවැති    මැතිවරණය සඳහා ඉදිරිපත් වූ කාන්තාවන්ගේ  ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය ඉතා  අඩු මට්ටමක පැවැතීම නිසා‌ම එම අඩුව පත් කළ ලැයිස්තුවෙන් සම්පුර්ණ කර ගැනීමට සිදු විය. 2018 වසරේ පැවැති මැතිවරණයෙන් පත් වූ පළාත් පාලන ආයතන මේ වන විට විසිරී ගොස් ඇති නමුත් අතර  මේ උත්සාහය එම  මැතිවරණයෙන් හඳුන්වා දුන්  සහ  තව නොබෝ දිනකින් පැවැත්විමට නියමිත මැතිවරණයේද  පවතින කාන්තා නියෝජනය සම්බන්ධයෙන්  විමසා බැලීමයි. මෙම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලිම සඳහා අප තෝරා ගත්තේ මධ්‍යම පළාතයි.

දියුණු නගර මෙන්ම අතිශයින් දුෂ්කර ගම්මානද පවතින  විවිධාංගීකරණයට ලක්වූ ජනතාවක් ද ජීවත් වන විශේෂ පළාතක් ලෙස මධ්‍යම පළාත සඳහන් කළ හැකිය. සිංහල ,දෙමළ ,මුස්ලිම් ,බර්ගර් ඇතුළු සියලු ජාතින් අඩු වැඩි වශයෙන්  ජීවත් වන මෙම පළාතේ ගම්  නගර මෙන්ම  වතුද දක්නට ලැබෙයි.

2017 අංක 1 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත අනුව අනිවාර්ය කර ඇති කාන්තා නියෝජනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන්   විමසා බැලීම  සඳහා 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත යටතේ කළ සොයා බැලීමකි මේ.

 මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතයවලට පත්ව ඇති සභිකයින් අතර කාන්තා නියෝජනය පිළිබඳව කළ සොයා බැලීමේදී ලැබුණු තොරතරු අනුව මධ්‍යම පළාතේ   මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 47 ක් වන අතර එම පළාත් පාලන ආයතන සඳහා  සභිකයින් 729 ක් ඡන්දයෙන් තේරි පත්ව  සිටිති.  ඒ අතර කාන්තා නියෝජිතවරින් පත්ව ඇත්තේ  67  දෙනෙකු  පමණි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 9.1 කි ඉතිරි  සභිකයින් 662 දෙනාම පිරිමින්ය. එය සියයට 90.9 ක් වෙයි.

   පනත අනුව සියයට විසි පහක කාන්තා නියෝජනය  අත්‍යාවශ්‍ය  බැවින්  පත් කළ සභිකයින් අතරට වැඩි කාන්තා නියෝජනයක් ලබා දිමට පියවර ගෙන තිබේ. ඒ අනුව  පළාතේ මුළු පත් කළ මන්ත්‍රීන්  489 ක් අතරින් කාන්තාවන් 209 දෙනකු පත් කර ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන්  සියයට 42.7 ක් වෙයි.  පිරිමි සභිකයින් 286 දෙනෙකු ද  පත් කර ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් 57.3 ක් වෙයි.  .(ප්‍රස්ථාරය  02)

තොරතුරු පනත අනුව කරන ලද ඉල්ලීමට මධ්‍යම පළාතේ  පළාත් පාලන දෙපාර්තමේන්තුවේ  නම් කළ නිලධාරි  විසින් ලබා දී ඇති තොරතුරු අනුව මහනුවර මහ නගර සභාව සඳහා තේරි පත් වූ සභිකයින් 25 දෙනෙකුගෙන්    එක්  කාන්තාවක්  පමණක් නියෝජනය වූ අතර පත් කළ සභිකයින් අතර කාන්තාවන් අටක් සහ පිරිමි සභිකයින්   අටක්ද ඇතුළුව  මුළු සභික සංඛ්‍යාව  41 ක් පත්ව සිටියහ.

කඩුගන්නාව නගර සභාව සඳහා  සභික ධූර 15 න් නව දෙනෙකු තේරි පත් ව ඇති අතර එයින් කාන්තාවන් දෙදෙනෙකු නියෝජතය වෙති.  පත් කළ   හය දෙනා අතර කාන්තාවන් හතර දෙනෙකු වෙති. ගම්පොළ නගර සභාව සඳහා තේරි පත්ව ඇති සභික ධූර 17 අතර එක් කාන්තාවක් පමණක් සිටින අතර පත් කළ සභිකයින්  11 අතර කාන්තාවන්  පස් දෙනෙකු වෙති . නාවලපිටිය නගර සභාව සඳහා  ඡන්දයෙන් සභිකයින් නව දෙනෙකු තේරී පත්ව ඇති අතර එක් කාන්තාවක් පමණක් නියෝජනය  වී තිබේ.  පත් කළ සභිකයින්  හය දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්  පත්ව සිටිති.

වත්තේගම නගර සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් නව දෙනෙකු තේරි  පත්වූ අතර එක් කාන්තාවක්වත් පත්ව  නැත. පත් කළ සභිකයින් හය දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්  පමණක් පත්ව සිටියහ.

අකුරණ ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන්  සභිකයින් 18 ක් තේරි පත්ව සිටි අතර   කිසිදු කාන්තාවක් පත් වී සිටියේ නැත‍. පත් කළ සභිකයින්  12 අතර කාන්තාවන්  හත් දෙනෙක්  පත් ව සිටියහ.

 උඩදුම්බර ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ  නමුත් කාන්තාවක් නියෝජනය නොවීය. පත් කළ සභිකයින්  පත් කළ සභිකයින් හය දෙනා අතර කාන්තාවන් සිව් දෙනෙක් පත් වූහ.

 උඩපළාත ප්‍රාදේශිය සභාව සඳහා  සභිකයින් 26 දෙනෙකු ඡන්දයෙන් පත් වු නමුත් එකදු කාන්තා ‌ නියෝජනයක් නොවීය. පත් කළ සභිකයන් 17 දෙනා   අතර   10 දෙනෙකුම කාන්තාවන් වූහ.

 උඩනුවර ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 23 දෙනෙකු පත් වූ අතර  එක් කාන්තා නියොජනයක් පමණක් විය. පත් කළ සභිකයින් 16 දෙනා  අතර   කාන්තාවන් හතක් වූහ.

කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 25 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ අතර  එක් කාන්තා නියෝජනයක් විය.පත් කළ සභිකයින් 18 දෙනා අතර කාන්තාවන් නව දෙනෙක්ද නියෝජනය වූහ.

ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් තේරි පත් වූ සභිකයින් 13 දෙනෙකු අතරින් කාන්තාවන් දෙදෙනක් නියෝජනය වූහ. ලැයිස්තුවෙන් පත් වූ  දහ දෙනා අතර කාන්තාවන් සිව් දෙනෙක් වූහ.

ගඟවට කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා තේරි පත්  වූ සභිකයින් 13 දෙනා අතර  කිසිදු කාන්තා නියෝජනයක් නොවිණ. පත් කළ සභිකයින් අට දෙනා අතර  කාන්තාවන් පස් දෙනෙක් නියෝජනය වූහ.

තුම්පනේ ප්‍රාදේශිය සභාව සඳහා  ඡන්දයෙන් සභිකයින් 18 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙක් පත් වීමට සමත් වූහ. පත් කළ සභිකයින් 15 අතර කාන්තාවන් පස් දෙනෙකුට පමණක් අවස්ථාව හිමිවි තිබිණ.

 පන්විල ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 10 දෙනෙකු පත් වූ නමුත් කිසිදු කාන්තා නියෝජනයක් නොවීය. පත් කළ සභිකයින්  හය දෙනා අතර කාන්තාවන්  සිව් දෙනෙකුට අවස්ථාව හිමි ව තිබිණ.

පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් 12 දෙනෙකු පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකුට ද අවස්ථාව හිමිව තිබිණ. පත් කළ සභිකයින් අට දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.

පාතදුම්බර ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන්  සභිකයින් 18 දෙනෙකු තේරි පත් වු අතර කාන්තාවන් තිදෙනෙක්ද වුහ.  ලැයිස්තුවෙන් පත් වු සභිකයින් අතර කාන්තාවන් හතර දෙනෙකුට අවස්ථාව හිමි වි තිබිණ.

පාතහේවාහැට ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 25 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් තිදෙනෙකුට සහ පත් කළ සභිකයින් 16 දෙනා අතර කාන්තාවන් හය දෙනෙකුටත් අවස්ථාව හිමි වි තිබිණ.

ඡන්දයෙන් සභිකයින් 15 දෙනෙකු තේරි පත් වු පූජාපිටිය ප්‍රාදේශි සභාව සඳහා එක් කාන්තා නියෝජනයක් පමණක් හිමි වු අතර පත් සළ සභිකයින් 11 දෙනා අතරින් කාන්තාවන්  හය දෙනෙකුට අවස්ථාව හිමි විය.

සභිකයින් 19 දෙනෙකු ඡන්දයෙන් තේරී පත් වූ මැදදුම්බර ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකුට අවස්ථාව හිමිව තිබු අතර පත් කළ සභිකයින් 14 අතර කාන්තාවන් සිව් දෙනෙකුට  අවස්ථාව හිමිවී තිබිණ.

මිනිපේ ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 13 දෙනෙකු තේරි පත් වු අතර ඒ අතර කාන්තාවන් දෙදෙනෙක්ද  වූහ. තේරි පත් වූ සභිකයින් අතර කාන්තාවන් තිදෙනෙකුට අවස්ථාව හිමි විය.

ඡන්දයෙන් සභිකයින් 26 දෙනෙකු තේරි පත් වූ යටිනුවර ප්‍රාදේශීය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු පත්ව සිටි අතර පත් කළ සභිකයින් 19 දෙනා අතර කාන්තාවන් නව දෙනෙක්ද වූහ.

සභිතයින් 22 කු ඡන්දයෙන් තේරි පත් වූ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන්   තිදෙනෙකු ඇතුළත් වූ අතර පත් කළ සභිකයින්  15 දෙනා අතර හය දෙනෙක් කාන්තාවෝ වූහ.

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මහ නගර සභාව සඳහා ඡන්දයෙන් තේරි පත් වූ සභිකයින් 13 දෙනා අතරට එක් කාන්තවක්ද අයත්  වූ අතර ලැයිස්තුවෙන් පත් වූ සභිකයින්  අට දෙනා අතරට කාන්තාවන් සිව් දෙනෙකුද වූහ.

දඹුල්ල මහ නගර සභාව සඳහා සභිකයින් 13 දෙනෙකුද ඡන්දයෙන් තේරි පත් වු අතර කාන්තවන් දෙදෙනකුටද අවස්ථාව හිමි වි තිබිණ. ලැයිස්තුවෙන් පත් වූ සභිකයින්  දහ දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුද වූහ.

සභිකයින් 18 දෙනෙතු ඡන්දයෙන් පත් වන මාතලේ ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු තේරි පත්ව ඇති අතර පත් කළ සභිකයින්  13 දෙනා අතරින් කාන්තාවන්  පස් දෙනෙකුද වූහ.

සභිකයින් 10 ‌ දෙනෙකු තේරී  පත් වූ යටවත්ත ප්‍රාදේශිය සභාව සඳහා  එක් කාන්තාවක් ඡන්දයෙන් පත්ව ඇති අතර පත් කළ අට දෙනා අතර තිදෙනෙකු කාන්තාවන් වූහ.

සභිකයින් 16 දෙනෙකු ඡන්දයෙන් පත්වූ උකුවෙල ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු තේරි පත් වූ අතර පත් කළ සභිකයින් 10 දෙනා අතර  කාන්තාවන් සිව් දෙනෙකුද වූහ.

රත්තොට ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 15 දෙනෙකු ඡන්දයෙන් පත් වූ අතර එක් කාන්තාවක් ද නියෝජනය වුවාය. පත් කළ සභිකයින්   10 දෙනා අතර කානත්වන් පස් දෙනෙකු වූහ.

නාවුල ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් දස දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ නමුත් කාන්තා නියෝජනයක් නොවීය. පත් කළ සභිකයින්  හත් දෙනා අතර කාන්තාවන් සිව් දෙනෙකු වූහ.

දඹුල්ල ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 16 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකු ඒ අතර වූහ. පත් කළ සභිකයින් 10 දෙනා  අතර කාන්තාවන් සිව් දෙනෙකුද වූහ.

සභිකයින් දස දෙනෙකු පල්ලේපොළ ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් තේරි පත් ව සිටි අතර එක් කාන්තාවක් ඒ අතර විය. පත් කළ සභිකයින්  අටදෙනා අතර කාන්තාවන් තිදෙනෙකු විය.

අඹන්ගඟ  කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ අතර එක් කාන්තාවක් ඒ අතර විය. පත් කළ මන්ත්‍රීන් හය දෙනා අතර කාන්තාවන් තිදෙනෙකු වූහ.

ඡන්දයෙන් සභිකයින් 17 දෙනෙකු පත් වූ ගලේවෙල ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු තේරි පත් ව සිටි අතර පත් කළ සභිකයින් 11 දෙනා අතර කාන්තාවන් පස් දෙනෙකුද වූහ.

 සභිකයින් දස දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය සභාව සඳහා එක් කාන්තාවක් නියෝජනය වූ අතර පත් කළ සභිකයින් හත් දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුද  වූහ

සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන්  පත් වූ විල්ගමුව ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු පත් වූ අතර පත් කළ සභිකයින් අට දෙනා අතර  කාන්තාවන් දෙදෙනෙකු පත් වූහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ  නගර සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 13 දෙනෙකු තේරි පත් වූ අතර කාන්තාවන් දෙදෙනෙකුද  වූහ. පත් කළ සභිකයින් 10 දෙනා අතර කාන්තාවන් තිදෙනෙකු  වුහ‍

ඡන්දයෙන් සභිකයින් 13 දෙනෙකු තේරි පත් වූ අඹගමුව ප්‍රාදේශිය සභාව සඳහා එක් කාන්තාවකට පමණක් අවස්ථාව හිමි විය. පත්කළ සභිකයින් අටදෙනා අතර කාන්තාවන් හතර දෙනෙකුට අවස්ථාව හිමි විය.

සභිකයින් 33 දෙනෙකු  ඡන්දයෙන් තේරි පත් වු වලපනේ ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් පස් දෙනෙකු තේරි පත් වූ  අතර පත් කළ සභිකයින් 22 අතර කාන්තාවන් අට දෙනෙකු වූහ.

හඟුරන්කෙත ප්‍රාදේශිය සභාව සඳහා සභිකයින්  24 දෙනෙකු ඡන්දයෙන් තේරි පත් වූ අතර කාන්තාවන් සිව් දෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.පත් කළ සභිකයින් 19 දෙනා අතර කාන්තාවන් හය දෙනෙකුද වූහ.

 සභිකයින් 12 දෙනෙකු ඡන්දයෙන් පත් වූ නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකුද අයත් වූහ.  ලැයිස්තුවෙන් පත් වූ නවදෙනා අතර තිදෙනෙකු කාන්තාවන් වූහ.

සභිකයින් 32 කු ඡන්දයෙන් පත් වූ කොත්මලේ ප්‍රාදේශිය සභාව සදහා කාන්තාවන්  තිදෙනෙකු තේරි පත්ව ඇති අතර පත් කළ සභිකයින් 21 දෙනා අතර කාන්තාවන් හය දෙනෙකු වුහ.

සභිකයින් නව දෙනෙකු තේරි පත් වූ හැටන් දික්ඔය නගර සභාව සදහා  එක් කාන්තාවක් පත්ව ඇති අතර  පත් කළ සභිකයින් හත් දෙනා අතර තිදෙනෙකු කාන්තාවන් වූහ.

සභිකයින් හත් දෙනෙකු ඡන්දයෙන් පත් වූ තලවකැලේ ළිඳුල නගර සභාව සඳහා කාන්තාවක් පත් නොවු අතර පත් කළ සභිකයින්  පස් දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු  වූහ.

 ආගරපතන ප්‍රාදේශිය සභාව සදහා ඡන්දයෙන් සභිකයින් නව දෙනෙකු තේරී පත් වූ අතර එක් කාන්තාවක් ඒ අතර වූවාය. පත් කළ සභිකයින් පස්  දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු වුහ.

 සභිකයින් 10 දෙනෙකු ඡන්දයෙන් පත් වන කොටගල ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවක් පත් නොවු අතර පත් කළ සභිකයින්  හය දෙනා අතර සිව් දෙනෙකු කාන්තාවන් වූහ. සභිකයින් 14 දෙනෙකු ඡන්දයෙන් පත් වූ නුවරඑළිය ප්‍රාදේශිය සභාව සඳහා කාන්තාවන් දෙදෙනෙකු පත්වූ  අතර  පත් කළ නව දෙනා අතුරින් තිදෙනෙකු කාන්තාවන් වුහ. 

මස්කෙළිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දයෙන් සභිකයින් 10 දෙනෙකු තේරි පත් වු අතර කාන්තා නියෝජනයක් නොවිය. පත් කළ සභිකයින්  හය දෙනා අතර කාන්තාවන් තිදෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ගැන සලකා බැලීමේදී යෝජිත  සියයට 25 ක කාන්තා නියෝජනය එකදු පළාත් පාලන ආයතකයකින්වත් ඡන්දයෙන් තේරි පත් වී නොමැති අතර  මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයනත හයක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන තුනක සහ මාතලේ දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක එකදු කාන්තා නියෝජිතවරියකු හෝ ඡන්දයෙන් තේරි පත් වි නොමැති වීම සුවිශේෂි සිද්ධියකි.

පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය අනිවාර්ය වීමත් සමඟ අපේක්ෂිකාවන් ඉදිරිපත් වුවද ඔවුන්ට කාන්තාවන් පවා නිසි ලෙස ඡන්දය භාවිතා කර නොමැති බව පෙනී යයි. එසේ නොවේ නම් අපේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් වන කාන්තාවන් ගෙන් අඩක්වත්   කාන්තාවන් වෙනුවෙන්  ඡන්දය භාවිතා කළා නම් මේ ප්‍රතිශතය මිට වඩා වෙනස් විමට බොහෝ දුරට ඉඩ තිබිණ. කාන්තා නියෝජනය කාන්තාවන් සඳහා බව කාන්තාවන්ම  නිසි ලෙස අවබෝධ කර ගෙන නොමැති බව මෙම සංඛ්‍යාලේඛවලින් පෙන්නුම් කරයි .එසේ නොවේ නම් සභිකයින් 729 ක් මධ්‍යම පළාතෙන් ඡන්දයෙන් පත් වෙද්දී කාන්තාවන් 67 දෙනෙකු පමණක්  පත් නොවනු ඇත.

මීළඟ පළාත් පාලන මැතිවරණය ඉතා නුදුරු දිනකදී  පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා මැතිවරණ කොමිසම මෙන්ම  දේශපාලන පක්ෂද ලහි ලහියේ සූදානම්  වෙමින් සිටියි. කෙසේ වුවත් පසුගිය මැතිවරණයේදී සිදු වූ වැරදි මෙවර සිදු  නොවිමට වග බලාගත හැකි නම් වඩාත් සුදුසුය. එනම්  සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇති  බැවින් සුදුසු කාන්තා නියෝජිතවරියන් ඡන්දයෙන්ම පත් කර යැවීමට ඡන්දදායකයින් කටයුතු කළ  යුතුය. එසේ නොමැතිනම්, පසුගිය වර මෙන් පරාජයට පත්වූ අපේක්ෂකයින්ගේ බිරින්දෑවරුන් හෝ ළඟ ඥාති කාන්තාවන් ලැයිස්තුවෙන් පත් කර එම අඩුව පිරවීමට බොහෝ දුරට ඉඩ ඇත.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *