පළාත් පාලන මැතිවරණයට දෙමළ  පක්ෂ 09 ක් එකට…?

වවුනියාව මාධව කුලසූරිය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලන පක්ෂ 09 ක් එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ජාවක් ඊයේ (23) යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී පැවැත්විණ.

ප්ලොට් සංවිධානය, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, දෙමළ ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය, දෙමළ ජනතා සන්ධානය, දෙමළ ඊළාම් විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි දෙමළ ජනරජ පක්ෂය, දෙමළ ජාතික හරිත ව්‍යාපරය, සමානතා පක්ෂය යන පක්ෂ එහිදි ඒකාබද්ධව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීම පිළිබඳ සාකච්ජා පැවැත්වූහ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් අදාළ පක්ෂ ඒකාබද්ධ පෙරමුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ජාවක් එහිදි පවත්වා තිබිණ.

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ප්‍රධාන දෙමළ පක්ෂ වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය යන ප්‍රධාන පක්ෂ අදාළ සාකච්ජා කණ්ඩායම වෙනුවෙන් සහභාගි නොවී තිබිණ.

සාකච්ජාව වෙනුවෙන් ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා, දෙමළ ජාතික පක්ෂයේ නායක එස්.ශ්‍රීකාන්තා මහතා ඇතුළු අනෙකුත් පක්ෂවල නියෝජිතයෝ සාකච්ඡාවට  සහභාගි වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *