බුද්ධික වීරසිංහ,,හික්කඩුව

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කරන ලද බැව් මැතිවරණ කමිෂන් සභාව විසින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා බාරගැනීම සිදු කෙරෙන බව කියැවේ.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 කි.ඉන් 337ක ඡන්ද විමසීම ජුනි මස දෙවනදාට පෙර අවසන් කළ යුතුව තිබේ. මීට පෙර සිදු කරන ලද නාම යෝජනා කැඳවීමේදී අයදුම්කරුවෝ 80,700ක් අපේක්ෂකත්වය ලැබූහ. එහෙත් එම නාම යෝජනා මේ වන විට අවලංගු වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූලව , වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් පසු ඉකුත් 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත සම්මත විය.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම තුළින් නියෝජිතයන් 8000ක් තෝරා පත් කර ගැනීමට නියමිතය.
