පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගය අර්බුදයක

චම්පිකා මුතුකුඩ

ප්‍රකාශිත පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මැතිවරණයෙන් ජයග්‍රහණය කොට තිබේ.

එහෙත් බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට  කිසියම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති  බව දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.

තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය  සමාන මට්ටමක පසුවෙයි.

සෙසු පළාත් පාලන ආයතනවල බහුතරය විපක්ෂයේ පක්ෂ වලට හිමි වී තිබේ.

කොළඹ මහ නගර සභාවේ බහුතර බලය මෙවර හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබුණද ,යම් ලෙසකින් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් එය ජාතික ජන බලවේගයේ බලය ඉක්මවා යාමක් වනු ඇත.

මෙම තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි

පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම් දෙනු ලැබේ.එහෙත් කිසිදු පක්ෂයකට සියයට පනහක් හෝ ඊට වැඩි බලයක් ලබාගත නොහැකි වූ විට නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා පත් කර ගැනීම එම පළාත් පාලන ආයතනයේ  සභිකයින්ගේ එකඟතාවයෙන් සිදුකරනු ලබයි

කොළඹ මහ නගර සභාවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී තිබුණ ද යම් ලෙසකින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කණ්ඩායම් එක් වුවහොත් එහි ආසන සංඛ්‍යාව ආණ්ඩු බලය ඉක්මවා යනු ඇති.

මේ අතර බලය වෙනුවෙන් කිසිදු පක්ෂයක් හා ඒකාබද්ධ නොවන බව  ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *