රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 932,855ක්…
ඡන්ද මධ්‍යස්ථාන 689 ක්…
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
හෙට මැයි 06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීට අවශ්‍ය ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා හා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කිරීම අද 05 රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ හා රත්නපුර නව නගර කුමර විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරූණි.
මෙවර පළාත් පාලන ආයතන ජන්දයට සියල්ල සුදානම් බව රත්නපුර දිස්තිුක් ලේකම්
කේ.ජී.එස්. නිශාන්ත මහතා පැවසිය.
එම ඡන්ද පත්‍රිකා හා ඡන්ද පෙට්ටි දැඩි පොලිස් ආරක්ෂාව යටතේ අදාළ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රවාහනය කළේය.
රතනපුර දිස්තිුක්කයේ මැතිවරණ රාජකාරීවල රජයේ නිලධාරීන් 8000 ක් පමණ යොදවා ඇති බවත්,
මැතිවරණ රාජකාරී සඳහා ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන් ගණන 2950 ක් බවත්,
සිවිල් ආරක්ෂක බලකායේද නිලධාරීන් 540 ක් පමණ ආරක්ෂක කටයුතුවල නිරත වන බවත් රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කේ.ජී.එස්. නිශාන්ත මහතා පැවසීය.
, මැතිවරණයට අදාළ ප්‍රවාහන කටයුතු සඳහා වාහන 669 ක් යොදා ගෙන තිබෙන බවද ඊට රජයේ වාහන 339 ක් හා පෞද්ගලික වාහන 330 ක් අයත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ 39 ක් හා පෞද්ගලික බස් රථ 10 කුත් ඉහත වාහන සංචිතයට අයත් වේ.
රත්නපුර දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 17 කින් සමන්විත වේ.
ඊට රත්නපුර මහනගර සභාව, බලංගොඩ හා ඇඹිලිපිටිය යන නගර සභා මෙන්ම ප්‍රාදේශීය සභා 14 ක් අයත් වේ.
2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 932,855 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත..
දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 689 ක් ස්ථාපිත කර තිබේ.
ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන ගණන 265 කි. කොට්ඨාස මට්ටමින් ප්‍රථිඵල නිකුත් කරන මධ්‍යස්ථාන ගණන 249 ක් වේ.
සමානුපාත ලැයිස්තු සඳහා තේරීපත්වන සභික ගණන හා කාන්තා නියෝජනය යටතේ පත්කළ යුතු සභික ගණන, ගණනය කර එක් එක් සභාවේ අවසාන ප්‍රථිඵලය ප්‍රකාශයට පත්කිරීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන බව ද දිස්තිුක් ලේකම්වරයා පැවසීය .
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 සඳහා කොට්ඨාස මට්ටමින් සභිකයන් 258 දෙනෙකුද, සමානුපාතයෙන් සභිකයින් 165 දෙනෙකුද ලෙස සභිකයන් 423 දෙනෙකු තෝරා පත් කර ගනු ලැබේ.
දේශීය මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයෝද දිස්ත්‍රික්කය පුරා තම නිරීක්ෂණ කටයුතු සිදු කරති.

