පළාත් පාලනයේ තැන්පත් කළ ඇප මේ 28 ට පෙර ඉල්ලන්නලු

අජිත්ලාල් ශාන්තඋදය

 

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්විම සදහා ඇප තැන්පත් කළ සියලු දෙනාම මේ මස 28 දිනට පෙර තමන් තැන්පත් කළ ඇප මුදල් ආපසු ලබාදෙන ලෙස ලිපියකින්,  තමන් ඇප තැන්පත් කළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ඉල්ලා සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මෙම ඉල්ලිම් ලිපිය සමග ඇප තැන්පත් කිරීමේ දි නිකුත්කරන ලද ලදුපතෙහි මුල් පිටපත ද ඉදිරිපත් කිරිම අනිවාර්යවේ. පෙබරවාරි 28 දිනට පෙර කරනු ලබන ඉල්ලිම් සදහා, තැන්පත් කළ ඇප මුදල් ප්‍රමාදයකින් තෙරව ලබාදීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පළාත් පාලන මැතිවරණය 2023ද මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත විය. පසුව එය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය. පසුව 2023 අප්‍රේල් මස 25 වැනිදා ඡන්දය පැවැත්වීමට දෙවැනි වරටත් දින නියම කළත් එදින ද ඡන්ද විමසීම නොපැවිත්විණි. 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *