පළමු වරට සීලගමටත් අලි ඇවිත්

බෙලිහුල්ඔය එස්. රත්නායක

 

බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේ කරපෙ ගම්මානයට 23 රාත්‍රියේ වනඅලි තිදෙනෙක් පැමිණ සිය වගාවන් විනාශ කළ බව ප්‍ර දේශවාසීහු පවසති. සමනලවැවෙන් පීනා විත් නිවෙස් ආසන්නයේ ඇති වත්තක කෙසෙල්වගාවක් විනාශ කර තිබේ.  ප්‍රදේශවාසීන් පවසන්නේ මුත්තෙට්ටුගම එක් කොටසක අලිවැට ගසා ඇත්තේ මෙම අලින් 3 ක් මැදිකර ඇති බවයි. සමනලවැව  කෙළවර වන  රක්ෂිතයේ ඇති කිතුල් කෑමට  අලින් පැමිණෙන බව කියන ගම්වාසීහු, සිය ගමට වන අලි පැමිණියේ පළමු වරට බවද පවසති. ජීවිත හානි කිසිවක් සිදු නොවූවද ඉදිරියේදී තම ජීවිත  වල අවදානමක් පවතින බව ඔව්හු පවසති.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ වනජීවී නිලධාරීන් පැමිණ අලිවෙඩි දමා තාවකාලිකව  පළවා හැරියද වනජීවී නිලධාරීන් හා ගමේ පිරිස් එක්ව ස්ථිරවම වනයට පළවා හැරීමක් සිදුකරන්නේ නම් තමන්ට සැනසිල්ලක් සහනයක් වන බවයි. මාස හයක සිට හතරබාගයේ තුන්කිද ප්‍රදේශයන්හි සැරිසරන මෙම වන අලි කැලයට මුදාහැරීම තවමත් සිදු නොවීමෙන් සිය ජීවිත තර් ජනයකට මුහුණ දෙමින් සිටන බව ගම්වැසියෝ සඳහන් කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *