යසංග මහවිතාන
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ.
වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසත් ජනතාවගෙන් ඉල්ලා කොවෙන්ට්‍රි ඉතිහාසයට එක්වෙයි.
41 හැවිරිදි ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තිය වශයෙන්ද ගෞරවයට පාත්‍රව ඇත.
එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්‍රීසියේදී පැවැත්වූවා.
එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයක්.
