පසුගිය මාස හත තුළ වෙඩි තැබීම් හැත්තෑ නවයක්

බුද්ධික වීරසිංහ

පසුගිය මාස 07 ඇතුළත වෙඩි තැබීම් 79ක් සිදුව ඇති බවත්, සංවිධානාත්මක අපරාධ කල්ලි නිසා හෝ වේවා පෞද්ගලික පලිගැනීම් නිසා හෝ වේවා එම වෙඩි තැබීම් නිසාවෙන් අහිමිව යන්නේ මනුෂ්‍ය ජීවිතයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා   සඳහන් කළේ ගත වූ මාස හත තුළ වෙඩි තැබීම් සිදුවීම් 79ක් සිදුව ඇති බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට මැයි 08 දින දක්වා වූ කාලය තුළ සිදුව ඇති මෙම වෙඩි තැබීම් නිසා ජීවිත පනස් දෙකක් අහිමි වී ඇත. තුවාල ලද පුද්ගලයින් සංඛ්‍යාව 35 කි.

මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර,  17ක් අනෙකුත් හේතු මත සිදුවූ ඒවා වේ.

මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා  පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති බවත්, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බවත්  අමාත්‍යවරයා අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *