පරිසර සංරක්ෂණය උදෙසා Whatsapp අංකයක්

නික්කි රණසිංහ

පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් හා පාරිසරික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් වට්සැප් අංකයක් හඳුන්වා දී තිබේ. පරිසර ගැටලු පිළිබඳව අමාත්‍යවරයාට හා නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කර කඩිනමින් විසඳුම් ලබා ගැනීම මෙහි අරමුණ වී ඇත.

ඒ අනුව 076 6412029 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් වශයෙන් පමණක් පරිසරය පිළිබඳ ප්‍රශ්න යොමු කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙම අංකය හරහා ලැබෙන ප්‍රශ්න පරිසර අමාත්‍යාංශය විසින් අදාල ආයතනය වෙත යොමු කර කඩිනම් තිරසාර විසඳුම් සොයා ගැනීමටත්, පසුවිපරම් ක්‍රියාවලීන් ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *