(යසංග මහවිතාන)
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් අද පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් සංකේත වැඩවර්ජනයක් කැඳවා තිබිණි.තම ගැටළු සම්බන්ධයෙන් පසුගිය දෙමස පුරාම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සාකච්ජාවන් ඉල්ලා සිටියද ඊට ඉඩ නොලැබුණු බැවින් මෙම තීරණයට එළඹුණු බැව් එම බල මණ්ඩලය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය විසින් ඔවුන්ට සාකච්ජාවක් ලබා දී ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව අත් හිටුවීමට පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කළේය.
ඒ අනුව අද දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.
