සංජීවනී පද්මසේන
පානදුර හා කළුතර අවට ප්‍රදේශවල විහාරස්ථානයන් සතු රන්වැටවල්, ඝණ්ටාර, දොලොස්මහේ පහන් ආදිය ගලවා සොරකම් කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පිංවත්ත පොලිස් නිලධාරීන්ට හැකිවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අවුරුදු 42 ක් සහ අවුරුදු 35ක් වන අඹුසැමි යුවලකි.
මෙම යුවල විසින් සොරාගෙන කඩවලට අලෙවි කර තිබූ දොලොස්මහේ පහනක්, ඝණ්ටාර 03ක්, දේවාල පහනක්, රන්වැටවල් 02ක්, රන් ආලේපිත කණු 04ක් ද සමඟ කුඩා පිත්තල පහන් 06ක් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පිංවත්ත පොලීසිය ප්‍රකාශ කර තිබේ.



