පද්මේට ගුවන් ගමන් බලපත්‍ර සෑදූ බව කියන  ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ්

 

(ලක්මිණි නදීෂා)

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද(27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය වීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද එහි ප්‍රධාන සැකකරු ලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට චෝදනා එල්ල විය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *