ලක්මිණි නදීෂා
තායිලන්ත කරාටේ කුසලාන 2025 තරඟාවලියෙන් ශූරතාව දිනු ශ්‍රී ලංකා පාසල් කරාටේ කණ්ඩායම දිවයිනට
05 වන තායිලන්ත කරාටේ කුසලාන 2025 ජාත්‍යන්තර කරාටේ ශූරතා තරගාවලියට, පළමු වරට සහභාගී වූ ශ්‍රී ලංකා පාසැල් කරාටේ කණ්ඩායම රන් පදක්කම් 32 ක් , රිදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින්, මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන තිබේ.
එම සිසු පිරිස ඊයේ (26) රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියහ .
මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ලෝකයේ රටවල් 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ සහභාගීත්වයෙන් පසුගිය 23 දා දක්වා පවත්වා තිබුණි.
ඊට ශ්‍රී ලංකාවේ පාසැල් 30 ක කරාටේ ක්‍රීඩකයින් 19 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 17 දෙනෙක් සහභාගී වී සිටියහ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.-140 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීම සදහා විශාල දෙමාපිය පිරිසක්ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
