(මොහොමඩ් ආසික්)
පළාත් පාලන මැතිවරණය අවසන් වෙලා තියෙන මේ මොහොකේ පත් වූ සියලු දෙනා එකතුව ජනතාවට සේවය කිරීමට කැප විය යුතු බව ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ කීහ.
මැතිවරණයෙන් පසුව පත්වූ මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන ආදිවාසි නායක වන්නියලැත්තන්ගෙන් දඹානේදී අද 11 වනදා කළ විමසුමකදී අදහස් දක්වමින් ඒ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියැලැත්තෝ මෙසේද කීහ.
ජනතාව සතුව ඇති විශ්වාසය මත ඔවුන් ඡන්දය පාවිච්චි කරළ තියෙනවා.ගම්වලින් පත් වෙලා ඉන්න පිරිසත් දැන් ඒ මට්ටමට පත් වෙලා තියෙනවා.දැන් තියෙන්නේ හැමෝම එකතු වෙලා ජනතාව වෙනුවෙන් ගම්වල තියෙන වැඩ ටික කරන එකයි.
ජනතාව රජය කෙරෙහි ලොකු විශ්වාසයක් තියල තියෙනවා ඒ විශ්වාසය ආරක්ෂා කර ගෙන ඉදිරියට වැඩ කරන එකයි.අලුතින් පත් වෙලා ඉන්න අයටත් තියෙන ලොකුම වගකීමක් ඒක. ඒ වගකීම ආරක්ෂා කර ගෙන රජයත් අලුතින් පත් වූ පිරිසත් වැඩ කරයි කියල මම විශ්වාස කරනවා.
අපේ පරම්පරාව නියෝජනය කරමිනුත් මේ ප්‍රදේශවලින් කිහිප දෙනෙකු තේරි පත් වෙලා ඉන්නව කියල ආරංචියක් තියෙනවා. නමුත් මම තවම දන්නේ නෑ ඒකේ නිවරැදි තොරතුරු. අපේ පරම්පරාවේ අය නොව කවුරු පත් වුනත් ජනතාවට වැඩ කරන්න ඕන කියන එකයි මගේ ඉල්ලීම.
ලංකාවේ හැම පළාතකම ජනතාව රජයට විශ්වාසයෙන් ඡන්දය දීලා තියෙනවා. ඒකට හේතුව මේ රජය යම් වැඩක් කරයි කියල බලාපොරොත්තුවෙන්. ඉදිරියේදී ඒ විශ්වාසය ආරක්ෂා කර ගෙන වැඩ කරන එක මේ පත් වුන අයගේ වගකීමක්.යැයිද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ මෙහිදී තව දුරටත් කීහ.
