නෙළුම් මල් කැඩීමට ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී ජිවිතක්ෂයට.

(වවුනියාව මාධව කුලසූරිය).

මුලතිව්,උඩුප්පුකුලම වැවේ නෙළුම් මල් කැඩීමට ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී ඊයේ(01) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කෝවිල් පූජාවන් වෙනුවෙන් ලබාදීමට නෙළුම් මල් කැඩීමට ඔරුවක නැඟී ගිය දෙදෙනෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිලී මියගොස් ඇති බවයි.

මුලතිව්,අලම්පිල් දකුණ පදිංචි වයස අවුරුදු 10 ක් වු එස්.පිරනවන්,වයස අවුරුදු 25 ක් වු ආර්.නිශාන්තන් නමැති දෙදෙනෙකු දියේ ගිලීමෙන් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල වෙත ඇතුළත් කොට ඇති බවද පොලිසිය පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *