නෙතට කඳුලක් පිදූ වී. අයි .පී. පෝලිම

චම්පිකා මුතුකුඩ

දළදා ප්‍රදර්ශනය අතරතුර  ඊයේ හා පෙරේදා( 24’/25) දෙදින බැතිමතුන් කිසිසේත් අපේක්ෂා නොකළ VIP පෝළිමක් දැකගත හැකි විය.

දළදා මැදුරේ ප්‍රධාන ගේට්ටුව අබියස නවත්වන ලද බස්රියකින් පිටතට පැමිණි වීඅයිපි නිලධාරීන් හට කිසිවෙකුගේ විරෝධයක් එල්ල නොවුණි.  එහෙත් දෙපා බිම තබා බස්රියෙන් බැස මාලිගා දොරටුවෙන් ඇතුළු වී රිසිසේ  දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ හැකියාවක් ඔවුනට තිබුණේ නැත. ඔවුන් බසයෙන් බිමට බැස්සේ වෙනකෙකුගේ, ඇතැම් විට දෙතුන් දෙනෙකුගේ සහායෙනි.ඒ දසුන සංවේදී මිනිසුන්ගේ නෙතට එක් කළේ කඳුලකි.

අද නිදහසේ හුස්ම ගන්නා රටක් අපට ලබාදීමට සිය ජීවිත වලින්, අනාගතයෙන්, සිය අත් – පා – ඇස්  ආදී ශරීරාංග වලින් කැපකිරීම් කළ යුධ හමුදා නිලධාරීන්  වෙනෙකෙකුගේ වාරුවෙන් රෝද පුටුව මතට පැමිණ දළදා වන්දනාව පිණිස පෙළ සැදී යන අයුරු බැතිමතුන් බලා සිටියේ වේදනාවෙනි.

ආබාධිත රණවිරුවන්ට මෙම මහඟු අවස්ථාව උදාකර දුන් හමුදාපතිවරුන්, දළදා මාලිගාවේ භාරකරුවන් ඇතුළු ඊට දායකත්වය දුන් සියලු දෙනාට  Truthlk උත්තමාචාරය මෙසේ පිරිනමමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *