(යසංග මහාවිතාන)
නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී තවත් බස් රථයක් අනතුරට පත් වී තිබේ.
නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බව කියැවේ.
ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත.අනතුරින් තුවාල ලබා සිටින වැඩි දෙනෙකු කාන්තාවන් වන අතර එම පිරිස විස්සක් පමණ වෙතැයි පැවසේ. මීට අමතරව රියදුරු කොන්දොස්තර හා තවත් එක් පිරිමි පුද්ගලයකුද තුවාල ලබා තිබේ.
විනෝද චාරිකාවක් සඳහා බදුල්ල ප්‍රදේශයට ගිය කුරුණෑගල කිරි වවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.


