– කතෘ – ප්‍රසන්න ප්‍රදීප් කුමාර –
නාවික හමුදාව විසින් යාපනය, වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී වංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු මුහුදු කුඩැල්ලන් 130 ක පමණ ප්‍රමාණයක් ඩිංගි බෝට්ටුවක් සමග අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය කුඩා යාත්‍රා මගින් යාපනය, වෙන්පුරවිනගර් වෙරළ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කිරීමට නාවික හමුදා නිලධාරීන් කටයුතු කර තිබේ.
එහිදී අත්අඩංගුවට ගන්න ලද සැකකරුවන් දෙදෙනා මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා වෙලනි ධීවර පරීක්‍ෂක කා(ර්)යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

